අක්කලා දෙන්නගේ සැමියන් දෙදෙනා නංගිව අපයෝජනය කරලා

අක්කලා දෙන්නගේ සැමියන් දෙදෙනා නංගිව අපයෝජනය කරලා

මාතලේ ප්‍රදේශයේ වයස අවුරුදු දොළහක පාසල් ශිෂ්‍යාවක ඇයගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයන් දෙදෙනා විසින් අපයෝජනය කර ඇති අතර එම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ඊයේ (03 වැනිදා) දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

අදාළ සිසුවියගේ පියාගේ පළමු විවාහයේ දියණියන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයන් විසින් ඇයව නිතර නිතර ලිංගික හිංසාවන්ට ලක් කරන බවට මාතලේ පොලිස් ස්ථානය වෙත පසුගියදා නිර්නාමික දුරකථන පණිවිඩයක් ලැබී ඇත.

එම නිර්නාමික දුරකථන ඇමතුම පිළිබඳව සිදු කළ පරීක්ෂණයට අනුව අදාළ ශිෂ්‍යාව පසුගිය මාස කිහිපය තුළදී අදාළ පුද්ගලයන් දෙදෙනා එක්ව දොළොස් වතාවකදී පමණ අපයෝජනයට ලක්කර ඇති බවට හඳුනාගෙන ඇත.

නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථා වලදී තර්ජනය කොට තමාව බියගන්වා තම කැමැත්තකින් තොරව අපයෝජන කළ බවට එම ශිෂ්‍යයාව පොලිසිය වෙත ප්‍රකාශ කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජනයට පත් වූ පාසල් ශිෂ්‍යාව ඇයගේ මවගේ රැකවරණය යටතේ මාතලේ මහ රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයට ලක්කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු තිහක පමණ වන එක් සැකකරුවකු මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට අදාළ අනෙක් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

මාතලේ ​ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ ගේ උපදෙස් පරිදි මාතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් මාතලේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

අදාළ සැකකරු මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය සිදු කරයි.