රංජිත්ගේ පුත්‍රයා නිසා කතානායක ගත් තීන්දුව

රංජිත්ගේ පුත්‍රයා නිසා කතානායක ගත් තීන්දුව

බාහිර පුද්ගලයින් රැස්වීම්වලට සහභාගි කරවා ගැනීම සඳහා සියලු කාරක සභාවල සභාපතිවරුන් තමන්ගෙන් අවසර ලබාගත යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද නිවේදනය කළේය.

ඒ සඳහා පූර්ව ලිඛිත අවසරයක් ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ

“කමිටු රැස්වීම් වලට පිටස්තර අය සහභාගි වීම ගැන මට පැමිණිලි ලැබිලා තියෙනවා” යැයි කථානායකවරයා පැවැසීය.

නිල ලිපි ශීර්ෂ පෞද්ගලික භාවිතය සඳහා භාවිත නොකරන ලෙස ද ඔහු කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සිය පුත්‍රයාව කෝප් කමිටු රැස්වීම් වලට සහභාගී කරවාගෙන ඇතැයි හෙළිවීමත් සමග ගැටලුකාරී වාතාවරණයක් ඉස්මතුව තිබේ.