වැස්ස අඩුවක් නෑ

වැස්ස අඩුවක් නෑ

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ වයඹ පළාත් වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවේ.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

Share This