ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයෙන් පසුවූ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දී අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ගාමිණී මාරපන , හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපනගේ සොහොයුරෙකු වෙයි.

ආන්දෝලනාත්මක නඩු රැසක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකු ලෙස ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන සැලකෙයි.

2021 වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු කොළඹ වරාය නගර කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස ද පත් කළේය.

අභාවප්‍රාප්ත ගාමිණී මාරපනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.