දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.