web hit counter
පොලිසියේ ඉහල පුටු කිහිපයකට ස්ථාන මාරු

පොලිසියේ ඉහල පුටු කිහිපයකට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබා දී තිබේ.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂණ් සභාව විසින් පසුගිය 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

ඒ අනුව කේ. කඩුපිටිය මහතා බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ දිසාව භාර තනතුරට ස්ථාන මාරු කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ජි.එම්.එච්.බී. සිරිවර්ධන මහතා මාරුකර ඇත්තේ ප්‍රවාහන හා සංදේශ දිසාවේ සිට පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

ඊට අමතරව වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකු ට හා රාජකාරි ඉටුකිරිම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ද ස්ථානර මාරුවිම් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට හා පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබා දී ඇති බවයි.

ඇල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි එම්. එම්. කුමාරසිංහ කුලියාපිටිය කොට්ඨාසයට මාරුකර තිබේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරිම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුද පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )