web hit counter
එමිරේට්ස් ගුවන් සමාගම ලාංකිකයන්ගෙන් කල ඉල්ලීම

එමිරේට්ස් ගුවන් සමාගම ලාංකිකයන්ගෙන් කල ඉල්ලීම

ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව බලා ගමන් ගන්නා හා ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා ගමන් ගන්නා මගීන් වෙනත් ගුවන් සමාගම් වලින් ටිකට් පත් ලබාගන්නා ලෙස එමිරේට්ස් ගුවන් සමාගම ඉල්ලා සිටියි.

ඔවුන් එම නිවේදනය කරන්නේ ඊශ්‍රායලයේ ටෙල්අවිව් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ඩුබායි සිට පැමිණෙන එමිරේට්ස් (Emirates AIR Lines) ගුවන් යානා නැවත දන්වන තුරු අත්හිටුවීමට එම ගුවන් සමාගම තීරණය කර ඇති බැවිනි.

ඊශ්‍රායලය බලා යන සෑම ගුවන් යානයකම පාහේ නිරන්තරයෙන් ගුවන් ගමන වෙනස් වන බැවින් ගුවන්තොටුපොළ වෙත යෑමට පෙර තමන්ගේ ගුවන් යානය නියමිත පරිදි ගමන් කරන්නේ දැයි විමසිලිමත් වන ලෙසද ඔවුහු ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටිති.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )