ජනපති මාලදිවයිනට

ජනපති මාලදිවයිනට

මාලදිවයින් ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ආචාර්ය මොහොමඩ් මුයිසුගේ දිව්රුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. 279 දරණ ගුවන් යානයෙන් ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝසප් ආර්. බිඩෙන් ජනාධිපති ධූත පිරිසක්ද තේරී පත් වූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගීවීමට නියමිත බව පැවැසේ.

ජනාධිපති පදවි ප්‍රාප්තිය අද එරට ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවය සඳහා දහසක මහජනතාවට පැමිණීමට අවස්ථාව සැලසීමට කටයුතු සම්පාදනය කරන බව මීට පෙර නිවේදනය කර තිබුණි.

මොහොමඩ් මුයිසු දැඩි චීන හිතවාදියකු වන අතර, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට චීනය විශාල ලෙස මුදල් යොදවා තිබුණු බව අනාවරණය වී ඇත.

Share This