රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ට ජයක්

රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ට ජයක්

රුසියානු ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය බලය යලිත් තහවුරු කර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඔහුට 87%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර ඉන් 60%ක් පමණ මේ වන විට ගණන් කර ඇති බව සඳහන්.

ඒ අනුව, 71 හැවිරිදි වියේ පසුවන පුටින් ට තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට හැකිවෙයි.

එමෙන්ම, වැඩිම කාලයක් රුසියානු ජනාධිපති ධුරය දරනු ලැබූ නායකයා බවට ද පුටින් පත්වනු ඇති.

රුසියන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 15 වැනිදාය. එය ඊයේ (17) අවසන් විය. පුටින්ගේ ජය තහවුරු වූයේ ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයකු නොවූ බැවිනි.

මෙවර විදේශයන්හි සිටින රුසියානුවන්ට ද එම රටවල රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවිය.

කලාප 29ක පළමුවරට ඡන්දය පාවිච්චි කරන්නන්ට මාර්ගගත ක්‍රමයට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.

2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන ජනාධිපති පුටින් 2004, 2012 සහ 2018 වසරවලදී නැවත තේරී පත්විය.

Share This