15 හැවිරිදි දැරියක් දූෂණය කළ පූසාරිට ලැබුණු දඬුවම

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පූසාරිට ලැබුණු දඬුවම

කිළිනොච්චිය පලෙයි ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පූසාරියෙකුට කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු එම්.සහාබ්දීන් විසින් වසර 12 ක බරපතල වැඩ සහිත හිර දඩුවමක් ඊයේ නියම කරනු ලැබීය.

මෙම සිර දඩුවමට අමතරව දූෂණයට ලක් වූ දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක්ද දඩ වශයෙන් රුපියල් දස දහසක මුදලක්ද ගෙවන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය.

දැරියගේ වන්දි මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම තවත් වසර දෙකකින්ද දඩ මුදල නොගෙවන්නේ නම් සිරදඩුවම තවත් මාස හයකින්ද වැඩි වන බව නඩු තීන්දුවේ සඳහන්ව ඇත.

පූසාරියා මෙම දැරිය දූෂණය කර ඇත්තේ 2016 ජූලි මස 11 වෙනිදාය.

සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එම අධිකරණයේ විභාග වූ මෙම නඩුව නීතිපතිවරයාගේ උපදෙස් මත කිළිනොච්චිය මහාධිකරණය වෙත මාරු කර තිබුණි.

දැරියගේ සාක්කි හා විද්‍යාත්මක සාක්කි මත විත්තිකරු විසින් එම අපරාධය සිදු කළ බව පැහැදිලිවම ඔප්පු වී තිබුණි.