පුලිනතලාරාමයේ ධාතු කරඬුව සොරකම් කළ යුවළ අත්අඩංගුවට

පුලිනතලාරාමයේ ධාතු කරඬුව සොරකම් කළ යුවළ අත්අඩංගුවට

කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධියට සැකකරුවෙකු සහ සැකකාරියක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිමි පුද්ගලයා ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 52 හැවිරිදි වියේ පසුවෙයි.

සැකකාරිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය 38හැවිරිදි වියේ පසුවෙයි.

මෙම වසරේ ජනවාරි මස 18 වනදා කල්දෙමුල්ල පුලිනතලාරාම විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ කරඬුව සොරකම් කර ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව, ගල්කිස්ස පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඊයේ (18) ලද තොරතුරකට අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පොලීසිය සිදුකළ ප්‍රශ්න ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සොරකම් කරන ලද ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබූ රන් නෙළුම් මල උණුකර ඇති බවය.

ඒ අනුව, අනාවරණය කරගත් තොරතුරුවලට අනුව උණු කර තිබූ ග්‍රෑම් 61යි මිලිග්‍රෑම් 170ක් බරැති රන් ගුලියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු සහ සැකකාරිය අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This