සියලු ආගම් නියෝජනය කරන පූජක පක්ෂයේ 49ක් හිරේ – 35ක් ම භික්ෂූන්

සියලු ආගම් නියෝජනය කරන පූජක පක්ෂයේ 49ක් හිරේ – 35ක් ම භික්ෂූන්

සියලුම ආගම්වලට අයත් පූජක පක්ෂයේ 49 දෙනෙකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

එම රැඳවියන් අතරින් 35 දෙනෙකුම බෞද්ධ භික්ෂූන් වන අතර ඉස්ලාම් පූජකයින් 8 දෙනෙක්ද, හින්දු පූජකයින් 2 දෙනෙකුද, කතෝලික පූජකවරයෙකු සහ සෙසු ආගම්වල තිදෙනෙකු සිටින බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

මේ අතරින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 16 දෙනෙකු ද, මීගමුව බන්ධනාගාරයේ 5 දෙනෙකුද රඳවා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share This