සිසුන්ට පොලිතීන් බලෙන් කැවූ විදුහල්පතිට වෙච්ච දේ

සිසුන්ට පොලිතීන් බලෙන් කැවූ විදුහල්පතිට වෙච්ච දේ

දරුවන් පිරිසකට පොලිතීන් පත්තර බලහත්කාරයෙන් කැවූ බව පැවසෙන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පහසුවක් ලෙස එම පියවර ගත් බවද අමාත්‍යවරයා කීවේය.

තමන්ට මාධ්‍ය මගින් මෙම සිදුවීම පිළිබඳ තොරතුරු සැලවුණු වහාම ඒ පිළිබඳ ව තමන් සොයා බැලූ බවයි, අමාත්‍යවරයා කියාසිටියේ.

රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පොලිතීන්වලින් තොර කලාපයක් බැවින්, ඊට දඬුවමක් ලෙසයි විදුහල්පතිවරයා විසින් එම දරුවන් දිවා ආහාරය ඔතා පැමිණි පත්තර කොළ සහ ලන්ච් ශීට් කවර එම දරුවන්ට ම කන ලෙසට බල කර ඇත්තේ.

මෙම ලන්ච් ශීට් කෑ දරුවන් නිවසේ දීත්, පාසලේ දීත් වමනය, කරකැවිල්ල, හිසරදය ආදී රෝග ලක්ෂණ හේතුවෙන් නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.