ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතුවලට රජයේ මුද්‍රණාලය සූදානම් – මුද්‍රණාලාධිපති

ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතුවලට රජයේ මුද්‍රණාලය සූදානම් – මුද්‍රණාලාධිපති

ජනාධිපතිවරණය පැවැත්වීම පිලිබඳ අද (26) පෙරවරුවේ නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බව රජයේ මුද්‍රණාලය පවසයි.

රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය කියා සිටියේ, ඊට අදාළ සියළු මූල්‍ය ප්‍රතිපාදන රජයේ මුද්‍රණාලය සතුව ඇති බවයි.