ජනාධිපති අරමුදල පුළුල් වෙයි

ජනාධිපති අරමුදල පුළුල් වෙයි

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

එය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්ම බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේය.

මෙම අරමුදල මගින් මෙතෙක් මුදල් ආධාර ලබානොදුන් රෝග කිහිපයක් සඳහාද මුදල් ආධාර ලබාදීමට පියවර ගෙන ඇත.

එසේම, වයස අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇත.

එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

මෙමගින් මූල්‍ය දායකත්වයන් ලබාදීමේ සහ සෞඛ්‍ය සේවාවන්ට අවතීර්ණ වීමේ පුළුල් ප්‍රවේශයක් සහතික කිරීම හරහා ජනතාවට සහය ලබාදීමට ජනාධිපති අරමුදල කැපවී සිටියි.

Share This