පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව, මෙරට 34,000ක් පමණ වන පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමටයි රජය තීරණය කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි යි මෙලෙස පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ.

Share This