දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 36,900ක්

දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 36,900ක්

පසුගිය දින 03තුළ දිවයින පුරා විදුලිය බිඳවැටීම් 36,900කට අධික ප්‍රමාණයක් සිදුව තිබෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව විදුලි පාරිභෝගිකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ස් ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කර තිබෙන්නේ.

විදුලි බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත් අදාළ ස්ථානවලට ඉදිරි පැය 24 තුළ විදුලිය සැපයීම යථා තත්ත්වයට පත්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

විදුලි බිඳ වැටීම් පිළිබඳව දැනුවත් කිරිමට ඇති 1987 අංකයට සම්බන්ද වීමට නොහැකි පාරිභෝගිකයන්ට SMS සේවය මගින් 1987ට BD සමග විදුලි පාරිභෝගික අංකය මගින් බිඳ වැටීම් දැනුවත් කිරීමටත් CEB Care යෙදුම මගින් හෝ cebcare.ceb.lk වෙබ් පිටුටව පිවිස දැනුවත් කල හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.