පොසොන් දා මිහින්තලේ හා අටමස්ථානයේදී දන්සල් 160ක්

පොසොන් දා මිහින්තලේ හා අටමස්ථානයේදී දන්සල් 160ක්

මිහින්තලේ පූජා භූමිය සහ අටමස්ථාන ප්‍රදේශ ආශ්‍රිතව මෙවර පොසොන් පොහොය දින දන්සල් 160කට වැඩි ප්‍රමාණයක් පැවැත්වෙන බව පළාත් පාලන ආයතන පවසයි.

මිහින්තලේ පූජා භූමිය ආශ්‍රිතව බත් දන්සල් 16ක් පැවැත්වෙන අතර, සෙසු දන්සල් 25ක් පමණ ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඇතැම් බත් දන්සල් මෙමස 2,3 සහ 4 තෙදිනම පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

මීට අමතරව, අනුරාධපුර අටමස්ථානය සහ නගර සීමාවේ දන්සල් 120කට වැඩි ප්‍රමාණයක් පැවැත්වෙන බවත් නගර සීමා ප්‍රදේශය ආශ්‍රිතව පමණක් බත් දන්සල් පමණක් 60ක් පමණ පැවැත්වෙන බවත් අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ කීවේය.

තවද, පූජා නගරය ආශ්‍රිතව පැවැත්වෙන සමස්ත දන්සල් සංඛ්‍යාව 100කට වැඩි බවද හෙතෙම සඳහන් කළේය. මීට අමතරව නගර සීමාවන් පිටත ප්‍රදේශවලද දන්සල් 100කට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට නියමිතය.

පොසොන් පොහොය නිමිත්තෙන් දන්සල් සංවිධානය කරන පිරිස් ඊට අදාළ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් අවසර ලබාගත යුතු බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.