කෝටි 11කට අධික නීති විරෝධී වාහන හා දේපල තහනම් කරයි

කෝටි 11කට අධික නීති විරෝධී වාහන හා දේපල තහනම් කරයි

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය රුපියල් ලක්ෂ 1,103ක් හෙවත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

තහනම් කළ දේපළ අතරට ලොරි රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද දෙකක්, යතුරු පැදිය 9ක්, බැකෝ යන්ත්‍රයක් ,බහුදින ධීවර යාත්‍රා තුනක්,කෝටි පහකට අධික වටිනාකමින් යුත් ඉඩම් හා නිවාස කඩ කාමරයක්, ඉඩම් 7ක් ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

2024.01.21 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල

01.ISUZU FREEZER වර්ගයේ ලොරි රථය
(ලක්ෂ 65)

02.HONDA DIO වර්ගයේ යතුරු පැදිය (ලක්ෂ 05)

03.ZA-9695 දරණ බැකෝ යන්ත්‍රය (ලක්ෂ 100)

04.IMUL-A-0701KLT දරණ බහුදින ධීවර යාත්‍රාව(ලක්ෂ 110)

2024.01.26 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල

01.SP BEX – 6600 දරන හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරු පැදිය(ලක්ෂ 04)

02.SP PE – 9412 දරන ටොයෝටා KDH වර්ගයේ වැන් රථය(ලක්ෂ 140)

03.SP AAP – 7704 දරන බජාජ් ත්‍රී රෝද රථය
(ලක්ෂ 10)

04.SP YU – 7538 දරන බජාජ් වර්ගයේ ත්‍රී රෝද රථය(ලක්ෂ 07)

05.ඉඩම් හා නිවාස (නිවාස -03 , කඩ කාමර- 01, ඉඩම්-05 (ලක්ෂ 530)

Share This