යුක්තිය මෙහෙයුමට තොරතුරු දෙන්න අංකයක්

යුක්තිය මෙහෙයුමට තොරතුරු දෙන්න අංකයක්

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාවේදී ජනතාවට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සදහා 071 859 88 00 අංකයක් හදුන්වාදී තිබේ.

එම දුරකතන අංකය ප්‍රදර්ශනය කෙරෙන ස්ටිකර් ත්‍රීරෝද රථ හිමියන් වෙත ලබාදීම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) සිදු කෙරුණි.

මෙම දුරකථන අංකයට ඇමතුම් ලබා දෙන කිසිම අයෙකුගේ දුරකථන අංක සහ තොරතුරු අනාවරණය නොවන ආකාරයට මෙම දුරකථන අංකය ලබා දී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට පැවති මෙම ස්ටිකර් හඳුන්වාදීමේ අවස්ථාවට වැඩ බලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සහභාගි වී සිටියහ.

Share This