පොලිස් නිලධාරීන් 20,000 ක හිඟයක් – 2000 ක් බඳවා ගැනීමට පියවර

පොලිස් නිලධාරීන් 20,000 ක හිඟයක් – 2000 ක් බඳවා ගැනීමට පියවර

පොලිස් නිලධාරීන් 20,000 ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි , අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊට විසඳුමක් ලෙස පොලිස් නිලධාරීන් 2000 ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී සෙසු නිලධාරී හිඟය ද පියවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.