පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 7ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 7ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිටිය දී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුයි අද (09) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාරාහේන්පිට වෘත්තිය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කළ හික්කඩුව – තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් තිබේ.

පසුගිය ජනවාරි මස 10 වැනිදා හෙරොයින් ග්‍රෑම් 15ක් සමඟින් මෙම පුද්ගලයා නාරාහේන්පිට ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඇතිවූ කළහකාරී තත්වයකදී පොලිසිය එය පාලනය කිරීමට යාමේ දී ඇතිවූ සිද්ධියකින් පසු සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, එහිදී මියගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙලෙස පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

Share This