කොළඹ සහ අවට නගර වල රථවාහන පාලනයට නව පොලිස් ඒකකයක්
කොළඹ සහ ඒ අවට නගර ආශ්‍රිතව රථවාහන පාලනය කිරීමට ‘නාගරික රථවාහන පොලිසිය’ නමින් නව පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබේ .
කොළඹ සිට කඩවත, කටුනායක, කඩුවෙල, මොරටුව, කොට්ටාව, පිළියන්දල දක්වා දිවෙන සියලුම පොලිස් බල ප්‍රදේශ වල ස්ථාපිත කිරීමට නියමිතය. නව නාගරික රථවාහන පොලිසියේ බල ප්‍රදේශ ලෙස ඉහත ප්‍රදේශ සැලකෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම නව පොලිස් ඒකකය ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරනු ඇති බවත් එහිදී කොළඹ නාගරික රථවාහන පොලිසිය, බස්නාහිර දකුණ සහ බස්නාහිර උතුර යන පොලිස් අංශ අහෝසි වනු ඇති බවත් එම නිලධාරියා කීය.
මේ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මේ වන විට ලැබී තිබේ.
නව නාගරික රථවාහන පොලිස් ස්ථානය ස්ථාපිත කිරීමත් සමඟ එම රථවාහන දිසාව භාර බල ප්‍රදේශය තුළ පිහිටි සියලුම පොලිස් ස්ථානවල රථවාහන අංශවල නිලධාරීන් බස්නාහිර පළාත් රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත්වනු ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.