හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (26) දින සිට ඉවත් කර තිබේ.

ඒ, අනුව එම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් අද (27) දිනයේ සිට යළි කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ.

කෙසේවෙතත් හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාට පොලිස් ආරක්ෂාව දිගටම දෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

කෙසේවෙතත් හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාට පොලිස් ආරක්ෂාව අඛණ්ඩව දෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වූ අතර මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව ඉන්ධන දීමනාව මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම් මේ අනුව අහෝසි වී යනු ඇත.

ඒ අනුව, මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇත.