පොලිසියෙන් යැයි කියා පැහැරගෙන ගොස් වෙඩි තියලා

පොලිසියෙන් යැයි කියා පැහැරගෙන ගොස් වෙඩි තියලා

හබරාදූව, තල්පේ උතුර ප්‍රදේශයේදී නිවසක සිටි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (08) සවස පොලිසිය යැයි කියා, කලු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහු බලහත්කාරයෙන් මෝටර් රථයේ නංවාගෙන පාදයට වෙඩි තබා අතරමග දමා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 30 හැවිරිදි පුද්ගලයා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ද හබරාදූව පොලිසිය පැවසීය.

කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්දැයි අනාවරණ වී නොමැති අතර, වෙඩි තැබීම සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය පරික්ෂණ පවත්වයි.

Share This