
පොලිස් ස්ථානාධිපතිවරුන් 28 කට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 05 කට ස්ථාන මාරු
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී තිබේ.
ඒ අනුව, ගාල්ල, පානදුර, හක්මන, මාතර, තිරිකුණාමලය, වීරවිල, ඌරගස් මං හන්දිය, මාතලේ, රුවන්වැල්ල, කෑගල්ල ඇතුළු පොලිස් ස්ථාන සහ අපරාධ කොට්ඨාශ වල ස්ථානාධිපතිවරුන්ට මෙසේ ස්ථාන මාරු ලබා දී ඇත.
එමෙන්ම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි, පොලිස් මූලස්ථානය සදහන් කළේ.
ඒ අනුව, මෙලෙස ස්ථාන මාරුවිම් ලබා දී ඇත්තේ, එච් එන් අසංක, ජී ඒ බී ගුණතිලක, කේ කේ ගුණසේකර, ආර් පී අමරසිංහ, ආර් එච් පී ගුණසේකර යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ටයි.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන එන් එන් එස් මෙන්ඩිස්, ඩබ්ලිව් පී ජේ සේනාධීර, එම් එම් ඒ බී මහගිරිල්ල සහ එම් යූ පී කලුපහන නියෝජ්‍ය පොලිස්පති දිසාවන්හි රාජකාරී ආවරණය සදහා පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.



