සජබ සමග එක්වූ මන්ත්‍රීවරු 06දෙනාගෙන් පොහොට්ටුව නිදහසට කරුණු විමසයි

සජබ සමග එක්වූ මන්ත්‍රීවරු 06දෙනාගෙන් පොහොට්ටුව නිදහසට කරුණු විමසයි

පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව මෙලෙස නිදහසට කරුණු විමසන බව පැවැසේ.

මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා , ඩිලාන් පෙරේරා , වසන්ත යාපා බණ්ඩාර , වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ ය.

ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි, පොදුජන පෙරමුණ පැවසුවේ.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සමගි ජන බලවේගය සමග පසුගිය 05 වැනිදා ගිවිසුමගත වූයේ සමගි ජන බල සන්ධානය ලෙසයි

Share This