අණ නොතැකු ත්‍රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි – අයෙකුට තුවාල

අණ නොතැකු ත්‍රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි – අයෙකුට තුවාල

මල්වතු හිරිපිටිය බලිවිල ක්‍රීඩාංගණය අසල දී අද (07) අලුයම 3.00ට පමණ සැකකටයුතු ත්‍රිරෝද රථයකට නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේ පොලිස් ජිප් රථයේ ද හප්පා පලා යමින් සිටි ත්‍රීරෝද රථයකට වෙඩි තැබූ බව මල්වතු හිරිපිටිය පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවද පොලීසිය පැවසීය.

ජංගම සංචාරයේ නිරතව සිටි පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරියෙකු විසින් රිවෝල්වර අවියකින් එම සැක කටයුතු ත්‍රීරෝද රථය නවත්වා ගැනීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

පොලිසිය වෙඩි තැබීමෙන් පසු තිරෝද රථයද අතහැර පලාගොස් ඇති අතර පසුව මෙම වෙඩි වැදුණු පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Share This