පියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට

පියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට

නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි පවසමින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ තමා වැරැද්දක් සිදුකර නොමැති බැවින් බිය විය යුතු නැති බවය.

Share This