පියා දුරකථනය නොදුන්නේ යැයි සිත්තැවුලෙන් පුතා දිවි නසාගෙන

පියා දුරකථනය නොදුන්නේ යැයි සිත්තැවුලෙන් පුතා දිවි නසාගෙන

බණ්ඩාරවෙල හීල්ඔය පදිංචි දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙක් පියා දුරකථනය නුදුන්නේ යැයි සිත්තැවුලට පත්ව ඊයේ (07) දින රාත්‍රියේ නිදන කාමරයේ එල්ලී දිවි නසාගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය කියයි.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු දරුවෙකි.

මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය දියතලාව මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.