පී.එච්.අයි. සහයක ඝාතන තැත වරදී

පී.එච්.අයි. සහයක ඝාතන තැත වරදී

මහභාගේ පොලිස් වසමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය පවසයි.

අංක 481, රජයේ ඉඩම, මත්තුමගල රාගම පදිංචි පි. අසංක ලක්මාල් නැමති අයගේ නිවසට පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු ටී. 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීමට උත්සහ දරා තිබේ.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සමග අසංක ලක්මාල් පොරබදා තිබෙන අතර එම අවස්ථාවේදී ගිණි අවියේ උණ්ඩ මැගසිනය බිම් වැටි තිබේ.

ඒ සමගම වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් පලා ගොස් තිබේ.

වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති බව ද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.