විශ්‍රාමිකයන්ගේ වැටුපට ඔක්තෝබර් මාසයේ රුපියල් 6,000ක්

විශ්‍රාමිකයන්ගේ වැටුපට ඔක්තෝබර් මාසයේ රුපියල් 6,000ක්

මෙරට විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට වැඩි කළ රුපියල් 3,000 රුපියල් 6,000ක් ලෙස ඔක්තෝම්බර් මාසයේදී ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විශ්‍රාමිකයන් ලක්ෂ 7කට රුපියල් 3000 දීමනාව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

එහෙත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම නිසා මැතිවරණ කොමිසම ඊට විරුද්ධ වූ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

එහි ප්‍රතිඵලයක් ලෙස විශ්‍රාම වැටුප් හිමියන්ට ඔක්තෝම්බර් මාසයේදී හිඟ වැටුප් සමඟ රුපියල් 6000ක මුදලක් ගෙවීමට නියමිතය.

නොවැම්බර් මාසයේ සිට රුපියල් 3000ක් විශ්‍රාම වැටුපට එකතු කරන බවද ඔහු සදහන් කරයි.

මේ වසර මුලදී විශ්‍රාමිකයන්ට රුපියල් 2500ක දීමනාවක් ලබාදුන් බවද ඇමැතිවරයා සිහිපත් කරයි.