වන නිලධාරීන්ගේ බලතල ග්‍රාම නිලධාරීන්ටත්

වන නිලධාරීන්ගේ බලතල ග්‍රාම නිලධාරීන්ටත්

අලුත් වනාන්තර ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසු ග්‍රාම නිලධාරී වරුන්ටත් වන නිලධාරීන් ලෙස ක්‍රියා කිරීමට බලතල සහ කාර්යයන් පවරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

නව වන ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසුව අදාල සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගන්නා බව කී අමාත්‍යවරිය දැව සංස්ථා නිලධාරීන්ට මෙන්ම දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට,ඉඩම් නිලධාරීන්ට, ජනපද නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල පවරන බව කීවාය.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරිය මේ බව කීවාය.