රාජ්‍ය සේවකයන්ට නව චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයන්ට නව චක්‍රලේඛයක්

ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍යය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ තුනක සඳහන් විධිවිධාන අනුව, 2023.07.11 දින සිට වැටුප් රහිත දේශීය / විදේශීය නිවාඩු අනුමත කරනු ලබන නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාල සීමාව ජ්‍යෙෂ්ඨතාව සඳහා අදාළ කර නොගැනීමට 2023.07.10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බවය.

ඒ අනුව, 2023.07.10 දින තෙක් වැටුප් රහිත දේශීය / විදේශීය නිවාඩු අනුමැතිය ලබා ගත් නිලධාරීන්ට අගතියක් නොවන පරිදි 2022.06.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022හි 4 වන ඡේදයේ ‘එ’ වගන්තිය හා 2022.09.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 (II) හි 4.10 වගන්තිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

චක්‍රලේඛය මෙතැනින්..

Share This