රාජගිරිය අනතුරේ පාඨලීට එරෙහි නඩුව කල් යයි

රාජගිරිය අනතුරේ පාඨලීට එරෙහි නඩුව කල් යයි

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 23 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය දින නියම කළා.

ඒ අදාළ නඩුව අද (31) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කොට සන්දීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයෙකු බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ .