web hit counter
“ගිලන් වූ රට ගොඩගන්න පුළුවන් එකම නායකයා පාඨලී” – නීතිඥ ශිරාල් ලක්තිලක

“ගිලන් වූ රට ගොඩගන්න පුළුවන් එකම නායකයා පාඨලී” – නීතිඥ ශිරාල් ලක්තිලක

හොර දොස්තරවරු නිසා ගිලන් වූ රට ගොඩ ගත හැකි එකම නායකයා පාඨලී චම්පික රණවක මහතා බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා.

ඔහු තෙල් බෙහෙත් කාරයෙකු නොවන බවත් ගිලන් වූ අපි ගොඩගැනීමේ හැකියාව පාඨලී චම්පික රණවක මහතා සතුව පවතින බවත් ඒ මහතා පවසනවා.

එක්සත් ජනරජ පෙරමුණ අද කඩුවෙල දී කැඳවා තිබූ ජන හමුවකට එක්වෙමින් ලක්තිලක මහතා මේ බව කියා සිටියා.

මේ රට කරවිය හැකි හොඳ කළමනාකරුවෙකු ලෙස පාඨලී චම්පික රණවක මහතා හඳුන්වා දිය හැකි බවත් ඒ අනුව, මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට සැවොම එක්ව ඒ මහතා ඉදිරිපත් කළ යුතු බවත් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“මේ රටට අවශ්‍ය වෙලා තියෙනවා හුරුබුහුටි නායකයෙක්, හුරුබුහුටි නායකයෙක් කියන්නේ එක වැඩකට එක දක්ෂ ක්‍රියාවක් පෙන්වීම පමණක් නෙවෙයි, විශාල පරාසයක ඒ දක්ෂකම පෙන්නන එක, අපි හිතනවා පාඨලී චම්පික රණවකට අන්න ඒ හැකියාව තියෙනවයි කියන එක, ඒ නිසා අපි හිතනවා ඔහු තෙල් බෙහෙත් කාරයෙක් නෙවෙයි කියලා, අපි කියන්නේ ගිලන් වෙච්ච අපි ගොඩගන්න පුළුවන් නායකයා පාඨලී චම්පික රණවක මහතා කියලා.”

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )