පාඨලීගේ රිය අනතුරු නඩුවට අධිකරණය අද දුන් නියෝගය

පාඨලීගේ රිය අනතුරු නඩුවට අධිකරණය අද දුන් නියෝගය

පසුගිය යහපාලන රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව 2025 පෙබරවාරි මස 28 වන දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

මෙම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේය.

එම අවස්ථාවේ දී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කළේය.

ඒ අනුව, මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව 2025 පෙබරවාරි මස 28 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් පුද්ගලයෙකු අනතුරට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධව නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

COMMENTS