පාස්කු සිද්ධියට අදාළ මෝසම්වලට දිනයක්

පාස්කු සිද්ධියට අදාළ මෝසම්වලට දිනයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකර තිබූ, මේ වනවිට තීන්දු ලබාදී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ගොනුකර තිබෙන මෝසම් පත්‍ර සලකාබැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කළේය.

මෙම මෝසම් පත්‍ර අද බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමියන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් විසින් මෙම මෝසම් පත්‍ර ඉදිරිපත් කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )