පස් කන්දකට යට වූ සිඟිත්තා ට අත්වූ අවාසනාවන්ත ඉරණම

පස් කන්දකට යට වූ සිඟිත්තා ට අත්වූ අවාසනාවන්ත ඉරණම

කෑගල්ල, මංගලගම කුරුඳිය වළහේන ගමෙහි නිවෙසක් අසල වූ කඩා වැටුණු පස් කන්දකට යටවී වයස අවුරුදු තුනහමාරක දරුවෙකු ඊයේ (04) මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, කවිඳු ෂෙහන්ත නමැති දරුවෙකි.

එම දරුවාගේ නිවස පිටුපස ආරක්ෂිත පැතිබැම්මක් ඉදිකිරීමට ඊයේ උදෑසන කාණුවක් කපා තිබී ඇති අතර මිය ගිය දරුවා එම කාණුව තුළ සෙල්ලම් කරමින් සිටියදී ඊට ඉහළින් පිහිටි පස් තට්ටුවක් ඔහුගේ සිරුර මතට කඩා වැටී ඇතැයි පොලිසිය පැවසීය.

පසුව අසල්වාසීන්ගේ සහය ඇතිව දරුවා මතට වැටී තිබූ පස් ඉවත්කර දරුවා ගොඩට ගෙන කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.