ආර්ථික බංකොලොත්භාවය සොයන කමිටුවෙන් සජබ සහ මාලිමාව ඉවත් වෙයි

ආර්ථික බංකොලොත්භාවය සොයන කමිටුවෙන් සජබ සහ මාලිමාව ඉවත් වෙයි

රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය පක්ෂය සහ ජාතික ජන බලවේගය පක්ෂය ඉවත්වීමට තීරණය කර ඇත.

14 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ නව දෙනෙක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති. ඉතිරි පස් දෙනා විපක්ෂය නියෝජනය කරති.

ආර්ථික බංකොලොත් භාවයට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාය.

ඔහු එම කමිටුවට පත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී පසුගියදා කතානායකවරයාට සිය විරෝධය පළ කළහ.