පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය

පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය

පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන් වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැලැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥා පනත පනවනු ලැබීය.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටළු පැන නැගෙන අවස්ථාවන් ඇති බැවින් එකී ආඥා පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම ආඥා පනත අවලංගු කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක ට උපදෙස් දීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Share This