web hit counter
පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දමයි

පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දමයි

නායයෑමේ අවදානමක් හේතුවෙන් පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

පස්සර කොටුමුදුන ගලකුලුගොල්ල මාර්ගයට විශාල ගල් පර්වතයක් පෙරළීමෙන් එම මාර්ගය කොටමුදුන ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලීසිය පැවසුවේය.

පැවති අධික වර්ෂාව සමග මෙම විශාල ගල් පර්වතය මාර්ගයට පෙරළී තිබේ.

මෙම ගල කඩා කඩිනමින් ඉවත් කිරීමට අදාළ අංශ දැනුවත් කළ බවද පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. පියරත්න මහතා පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )