මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය.

ඒ මහතා සන්නිවේදන විෂයට අදාළ මහාචාර්වයවරයෙකු සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කර ඇත.

ඔහු විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති ඊට ඇතුළත් වේ.

ඔහු විසින් රචනා කළ කෘතින්ගේ ‘සමාජ මුහුණුවර’ 1984 වර්ෂයේ සහ ‘යථාර්ථය සහ නිර්මාණ’ 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

විශේෂයෙන් 1995 වර්ෂයේ පරිවර්තනය කරන ලද සිනමා සිද්ධාන්ත හා විචාර නැමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතියක් බවට පරිවර්තනය වී ඇත.