ඔටාවා නුවරදී ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු හෙට

ඔටාවා නුවරදී ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු හෙට

කැනඩාවේ ඔටාවා නුවරට ආසන්න බාහීවන් ප්‍රදේශයේ දී නිවසක් තුළ ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු හෙට (17) එරට ‍වෙලාවෙන් පස්වරු 01.00ට සිදුකිරීමට නියමිතය.

කැනඩාවේ බෞද්ධ කටයුතු කොංග්‍රසය විසින් බහු ආගමික කටයුත්තක් ලෙස මෙම අවසන් කටයුතු සංවිධාන කර තිබේ.

එය බහු ආගමික, මහජනයා සඳහා විවෘත කටයුත්තක් ලෙස පැවැත්වෙනු ඇත.

අවසන් කටයුතු සඳහා දැනට සිද්ධියෙන් තුවාල ලබා සිටින එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ මහතා ද සහභාගීවීමට නියමිත බව වාර්තා වේ.

කැනඩා සිද්ධියෙන් මියගිය පිරිස වන්නේ,

මව – දර්ශනී බණ්ඩාරනායක – වයස අවුරුදු 35යි

ඉනූක වික්‍රමසිංහ – වයස අවුරුදු 07යි

අශ්විනී වික්‍රමසිංහ – වයස අවුරුදු 04යි

රින්යානා වික්‍රමසිංහ – වයස අවුරුදු 02යි

කෙලී වික්‍රමසිංහ – මාස 02යි

ඝාතනය වූ අනෙක් පුද්ගලයා වන්නේ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි අයෙකි.

Share This