web hit counter
ගොවීන්ට සුබ පණිවුඩයක්

ගොවීන්ට සුබ පණිවුඩයක්

2023 යල කන්නයේදී පැවති වියළි කාලගුණය හේතුවෙන් ජලය ලබාගැනීමට නොහැකිව , වී සහ වෙනත් භෝග වගාවන් විශාල වශයෙන් හානියට ලක්විය.

මෙලෙස හානියට ලක්ව ඇති වගා බිම් ප්‍රමාණය අක්කර 58,777 වන අතර ගොවීන් 53,965 දෙනෙකු පීඩාවට පත්විය.

මෙලෙස පීඩාවට පත් වූ ගොවීන්ට වන්දි ගෙවීම් සම්බන්ධයෙන් වූ යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එම යෝජනාව සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ගෙවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )