2023 උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

2023 උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

2023 අ.පො.ස. උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා අන්තර්ජාලය හරහා අයදුම්පත් සංශෝධන කිරීමට ලබා දී ඇති කාලය දෙසැම්බර් 22වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙවර උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04වැනිදා සිට 2024 ජනවාරි 31වැනිදා දක්වා පැවැත්වේ.

ඒ අනුව, උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2298 කදී පැවැත්වීමට නියමිතයි.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පතෙහි සඳහන් කර තිබු ලිපිනයට මේ වනවිට තැපැල් මගින් යොමුකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම විභාග ප්‍රවේශ පත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් ප්‍රධානීන් වෙතද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ අයදුම්කරු වෙතද බාගත කිරීමේ අවස්ථාව මේ වන විට ලබාදී ඇති අතර ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk භාවිතා කළ යුතු වේ.

Share This