නරක් වූ කුකුළු මස් දුන්නු KFC එකෙන් නිවේදනයක්

නරක් වූ කුකුළු මස් දුන්නු KFC එකෙන් නිවේදනයක්

‘එකක් මිලදී ගත් විට එකක් නොමිලේ’ යන තරගකාරී පිරිනැමීම යටතේ සිදුවූ බව කියන නරක් වූ කුකුළු මස් අලෙවිකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් KFC Sri Lanka ආයතනයේ කළමනාකාරීත්වය සිය කණගාටුව ප්‍රකාශකර තිබේ.

ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවට සහතික වන බවයි, නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ.

නරක් වූ කුකුළු මස් අලෙවිකිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයකු විසින් පැමිණිල්ලක් ගොනුකිරීමත් සමඟ KFC හි රාජගිරිය අලෙවිසැල දැඩි විවේචනයට ලක්විය.

නරක් වූ ආහාර අලෙවි කරන බවට පැමිණිලි ලැබීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අලෙවිසැල පරීක්ෂාවට ලක්කර එවැනි තොග විනාශ කිරීමට ද පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් KFC Sri Lanka කළමනාකාරීත්වය මෙම සිද්ධිය හේතුවෙන් සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශකර ඇත.

නිෂ්පාදන සහ සේවා ගුණාත්මකභාවයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට තම කැපවීම ප්‍රකාශ කරමින් සමාගම, ආහාරවල උපරිම ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද සහතික වී තිබේ.

Share This