EPF පොලී අනුපාත තහවුරු කරන්න කැබිනට් අනුමැතිය

EPF පොලී අනුපාත තහවුරු කරන්න කැබිනට් අනුමැතිය

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් මුදල් මත වන ප්‍රතිලාභ පොලී අනුපාත තහවුරු කිරීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැදුම්කර ප්‍රශස්තකරණයට ලක් වීම තුළින් එම අරමුදලේ සාමාජිකයන්ගේ විශ්‍රාමික ගෙවීම් හා ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාවය රජය හඳුනාගෙන තිබේ.

ඒ අනුව පසුගිය වසර පහක කාලයේ සේවක අර්ථසාධක අරමුදල සාමාජිකයන් සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලී ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 2023 සහ 2026 කාලය දක්වා ඉදිරි වසර 4ක කාලයේ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් සියයට 9 විය යුතු බවට නියම කෙරෙන පරිදි එදා 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනතේ පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Share This