නිට්ටඹුව බස්රථ වර්ජනයේ

නිට්ටඹුව බස්රථ වර්ජනයේ

නිට්ටඹුව බස් රථ නැවතුම් පොළේ වේලා සටහන්කරුට පහර දීමේ සිද්ධියක් හේතු කොටගෙන නිට්ටඹුව ඩිපෝවෙන් ධාවනය වන ලංගම බස් රථ අද (31) පෙරවරු දහයේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ​

නිටිටඹුව නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළෙහි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ගාල් කරනු ලබන ස්ථානයේ පුද්ගලික බස්රථ දෙකක් ඊයේ (30) රාත්‍රියේ ගාල් කර තිබී ඇත.

එය දුටු ලංගම බස් රථ වේලා සටහන් කරු පුද්ගලික බස් රථ දෙක ඉවත් කරගන්නා ලෙස ප්‍රකාශ කළ අවස්ථාවේදී පුද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තර වරු පිරිසක්වේලා සටහන් කරුට පහර දි ඇතැයි ලංගම සේවකයෝ පවසති.

ප්‍රහාරයට ලක් වූ වේලා සටහන් කරු වතුපිටිවල රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.

මෙම පහර දීමට සම්බන්ධ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද (31) පෙරවරු 10.00 සිට නිටිටඹුව ඩිපෝවේ බස් රථ ධාවනයෙන් ඉවත්ව බස් රියදුරුවරු හා කොන්දොස්තර වර්ජනයක් ආරම්භ කළහ.

නිට්ටඹුව පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයිද පොලිසිය සදහන් කලේ ය

Share This