ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතට

ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යාමට බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබට ඊයේ දහවල් පැමිණි අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඊ.පී.එෆ් අරමුදලේ ස්වාධීන කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

“දෙපැත්තම කියනවා මම හරි කියලා.ඉතින් ඇයි දෙපැත්තට එකට එකතු වෙලා වැඩ කරන්න බැරි”යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Share This